රෝගී සත්කාරක සේවාවන් තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින්, අසිරි වෛද්‍ය රෝහලේ (Asiri Medical Hospital) නවීකරණය කරන ලද 3B වාට්ටුව පසුගියදා යළි විවෘත කරන ලදී.
රෝගීන්ගේ පෞද්ගලිකත්වය, සුවපහසුව සහ සුවය ලැබීමේ පරිසරය වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් නවීන පහසුකම්වලින් මෙම වාට්ටුව සමන්විත කර ඇත. රෝහලේ සභාපති අශෝක් පතිරගේ සහ වෛද්‍ය මංජුල කරුණාරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම විවෘත කිරීමේ උත්සවය පවත්වන ලදී. රෝගීන්ට උසස් මට්ටමේ සායනික සේවාවක් ලබා දීම සඳහා යටිතල පහසුකම් අඛණ්ඩව සංවර්ධනය කරන බව රෝහලේ මෙහෙයුම් අධ්යක්ෂ වෛද්‍ය කුෂාන් විජේවීර මහතා මෙහිදී සඳහන් කළේය. ඉදිරියේදී සියලුම කාමර නවීකරණය කිරීමටත්, නවීන ශල්‍යාගාර සංකීර්ණයක් ඉදිකිරීමටත් කටයුතු සූදානම් කර ඇති බව රෝහල පවසයි.














