ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ කර්නල් එෆ්යූ ෂිආඕ සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා අතර නිල හමුවක් අද (04) නාවික හමුදා මූලස්ථානයේදී පවත්වා තිබේ.
නව නාවික හමුදාපතිවරයා ලෙස වැඩ භාරගත් වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා වෙත චීන ආරක්ෂක උපදේශකවරයා මෙහිදී සිය උණුසුම් සුභාශිංසන එක් කර ඇත. අනතුරුව දෙරටේ නාවික හමුදා අතර පවතින සහයෝගීත්වය ඇතුළු ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් වන කරුණු රැසක් පිළිබඳව දෙපාර්ශ්වය සුහද පිළිසඳරක නිරත වී ඇති අතර, මෙම හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.













