HNB Life PLC සමාගම සිය හවුල්කාර බෙදාහැරීමේ ජාලය (Partnership distribution network) තවදුරටත් ශක්තිමත් කරමින්, පැන් ඒෂියා බැංකු සංස්ථාව (Pan Asia Banking Corporation PLC) සමඟ නවយෝපිත අවබෝධතා ගිවිසුමකට (MoU) එළැඹ තිබේ.
මෙමඟින් පැන් ඒෂියා බැංකුවේ පුළුල් වෙළෙඳපොළ ප්‍රවේශය සහ විශ්වාසනීය පාරිභෝගික සබඳතා භාවිත කරමින්, දිවයින පුරා සිටින පුද්ගලයන්ට සහ පවුල්වලට අවශ්‍ය පුළුල් ජීවිත රක්ෂණ විසඳුම් පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව සැලසේ. මෙරට ජනතාවට වඩාත් අර්ථවත් හා ප්‍රවේශ විය හැකි මූල්‍ය ආරක්ෂණ ක්‍රමවේදයක් නිර්මාණය කිරීම මෙම හවුල්කාරීත්වයේ ප්‍රධාන අරමුණ බව HNB Life ප්‍රධාන විධායක නිලධාරී ලසිත විමලරත්න මහතා සඳහන් කළේය. බැංකු ක්ෂේත්රයේ ප්‍රවීණත්වය සහ HNB Life රක්ෂණ සේවා හැකියාවන් එකතු කිරීමෙන් රටේ විවිධ පාර්ශ්වයන්ගේ මූල්‍ය අවශ්‍යතා වඩාත් සාර්ථකව සපුරා ගත හැකි වනු ඇති බව පැන් ඒෂියා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී නාලීන් එදිරිසිංහ මහතා ද මෙහිදී පෙන්වා දුන්නේය.














