ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සම්බන්ධතා සපයන්නා සහ විශාලතම ජංගම මුදල් සේවා (mobile money) සැපයුම්කරු වන ‘eZ Cash’ හි හිමිකාරීත්වය දරන ඩයලොග් ආසිආටා පීඑල්සී (Dialog Axiata PLC), ගෝලීය මුදල් හුවමාරු ප්‍රමුඛයෙකු වන ‘Ria Money Transfer’ (Ria) සමඟ නව උපායමාර්ගික හවුල්කාරීත්වයකට එළැඹ තිබේ.
මෙම හවුල්කාරීත්වය හරහා ලොව පුරා රටවල් 199ක විදෙස්ගත ශ්‍රී ලංකාප්‍රාන්තිකයින්ට, Ria ආයතනයේ පුළුල් ජාලය භාවිත කරමින් මෙරට සිටින තම ආදරණීයයන්ගේ ඩයලොග් හෝ එයාර්ටෙල් (Airtel) ජංගම දුරකථන අංකයට සම්බන්ධ ‘eZ Cash’ පසුම්බිය වෙත සෘජුවම මුදල් එවීමෙ පහසුකම හිමි වේ. ඒ සඳහා සාම්ප්‍රදායික බැංකු වෙත යාමේ අවශ්‍යතාවක් නොමැති අතර, ලැබෙන මුදල් දිවයින පුරා පිහිටි eZ Cash නියෝජිත අලෙවිසැල් 55,000 කින් හෝ වාණිජ බැංකු (Commercial Bank) ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATMs) හරහා පහසුවෙන් ලබාගත හැකිය.
විදෙස් ප්‍රේෂණ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහ පවුල්වල සුරක්ෂිතභාවයට ඉටු කරන සුවිශේෂී දායකත්වය අගයමින්, මූල්‍ය අඩංගුුවම (Financial inclusion) සහ ජාතික ආර්ථික ස්ථාවරත්වය නංවාලීම සඳහා මෙම සේවාව මඟින් මහත් පිටුබලයක් ලැබෙනු ඇති බව ඩයලොග් සහ Ria ආයතනවල උසස් නිලධාරීහු පෙන්වා දුන්හ.














