දීප ව්‍යාප්තව සුවතා මධ්‍යස්ථාන (Wellness Centers) ස්ථාපිත කිරීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ ඉදිරි වසර දෙක ඇතුළත මහනුවර දිස්ත්‍රික්කය තුළ පමණක් සුවතා මධ්‍යස්ථාන 50ක් ස්ථාපිත කිරීමට නියමිත බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුනි මහතා ප්‍රකාශ කරයි.
මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සුරංග ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමේදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙම ව්‍යාපෘතිය යටතේ එක් සුවතා මධ්‍යස්ථානයක් මඟින් පවුල් 5,000ත් 10,000ත් අතර ප්‍රමාණයක් ආවරණය කිරීමට නියමිත අතර, රෝග පරික්ෂාවන්ගෙන් පසු ජනතාවට ඩිජිටල් දත්ත සහිත හැඳුනුම්පතක් (Digital Health ID) නිකුත් කෙරේ. මෙහි පළමු මධ්‍යස්ථානය පොල්ගොල්ල වත්ත ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති අතර, පොල්ගොල්ල වත්ත සහ කිරින්ද මධ්‍යස්ථාන ප්‍රාදේශීය රෝහල් සමඟ සම්බන්ධ කරමින් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට ද රජය සැලසුම් කර ඇත.














