ඉදිරියේදී පැවැත්වීමට නියමිත ශ්රී ලංකාවට එරෙහි එක්දින (ODI) සහ විස්සයි-20 (T20I) ක්රිකට් තරගාවලිය සඳහා ප්රබල ක්රීඩකයන් රැසක් ඇතුළත් එංගලන්ත සංචිත ප්රකාශයට පත්කර තිබේ. තරගාවලිය පුරාම එංගලන්ත කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ හැරී බෲක්ට (Harry Brook) ය.
ජොෆ්රා ආචර්, ජොස් බට්ලර්, බෙන් ඩකෙට්, ආදිල් රෂීඩ් සහ විල් ජැක්ස් යන ප්රබල ක්රීඩකයන් සංචිත දෙකටම නම්කර ඇති අතර, ජෝ රූට් එක්දින සංචිතයට පමණක් ඇතුළත් කර ඇත. ජේම්ස් කෝල්ස්, අනූරින් ඩොනල්ඩ් සහ සකීබ් මහමුද් විස්සයි-20 සංචිතයට අලුතින් කැඳවා තිබේ. දෙරට අතර එක්දින තරග 03ක් සහ විස්සයි-20 තරග 03ක් පැවැත්වීමට නියමිතය.
එංගලන්ත එක්දින සංචිතය (ODI Squad):
හැරී බෲක් (නායක), රෙහාන් අහමඩ්, ජොෆ්රා ආචර්, ගස් ඇට්කින්සන්, ටොම් බැන්ටන්, සොනි බේකර්, ජොස් බට්ලර්, ජෝර්ඩන් කොක්ස්, හෙන්රි ක්රොකොම්බ්, ලියම් ඩෝසන්, බෙන් ඩකෙට්, විල් ජැක්ස්, ජේමි ඕවර්ටන්, ආදිල් රෂීඩ්, ජෝ රූට්, ජෝෂ් ටොන්ග්.
එංගලන්ත 20-20 සංචිතය (T20I Squad):
හැරී බෲක් (නායක), ජොෆ්රා ආචර්, ගස් ඇට්කින්සන්, සොනි බේකර්, ටොම් බැන්ටන්, ජොස් බට්ලර්, ජේම්ස් කෝල්ස්, ජෝර්ඩන් කොක්ස්, ලියම් ඩෝසන්, අනූරින් ඩොනල්ඩ්, බෙන් ඩකෙට්, විල් ජැ














