රුසියානු තාක්ෂණික දැනුම සහ 100%ක්ම ඉන්දියානු අමුද්‍රව්‍ය හා උපාංග යොදාගනිමින් නිෂ්පාදනය කරන ලද ප්‍රථම AK-203 “ෂේර්” (Sher) ප්‍රහාරක රයිෆලය උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අමේති හි පිහිටි ඉන්දු-රුසියානු රයිෆල්ස් (IRRPL) කර්මාන්තශාලාවේදී සාර්ථකව පරීක්ෂණ මට්ටමින් අත්හදා බලා තිබේ.
යුක්රේන යුද ගැටුම් හමුවේ රුසියාව සිය හමුදා අවශ්‍යතාවලට ප්‍රමුඛතාව දීම නිසා ඉන්දියාවට සිදුවූ අවි සැපයුම ප්‍රමාද වීම සහ “මෙක් ඉන් ඉන්දියා” (Make in India) සංකල්පය යටතේ ස්වයංපෝෂිත වීම මෙම දේශීය නිෂ්පාදනයට ප්‍රධාන හේතුව විය. දීර්ඝ කාලයක් තිස්සේ ඉන්දීය හමුදාව භාවිත කළ, තාක්ෂණික දෝෂ රැසක් වාර්තා වූ පැරණි ‘ඉන්සාස්’ (INSAS) රයිෆල් වෙනුවට ඉදිරියේදී මෙම නව ‘ෂේර්’ රයිෆල් 600,000කට වැඩි ප්‍රමාණයක් ඉන්දීය ආරක්ෂක බලකායන් වෙත ලබාදීමට නියමිතයි.















