රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය විසින් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී සංවිධානය කරන ලද කෘෂිකර්මය සහ පරිසරය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයට එක්වෙමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා මේ බව පවසා තිබේ. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්රය ඩිජිටල්කරණයට සහ නවීන තාක්ෂණය පදනම් කරගත් යුගයකට පරිවර්තනය කිරීමේ අරමුණින් මෙම සම්මන්ත්‍රණය පවත්වා ඇත.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා ඇතුළු මහාචාර්යවරුන්, පර්යේෂකයින් සහ බුද්ධිමතුන් විශාල පිරිසක් සහභාගී වූ මෙම හමුවේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, ජල කළමනාකරණය සහ දියුණු බීජ භාවිත කරමින් පැළයට අවශ්‍ය නිවැරදි ප්‍රමාණයට පෝෂණය ලබා දීමේ විද්‍යාත්මක ක්‍රමවේදයකට රට යා යුතු බව අවධාරණය කළේය. රජය, පෞද්ගලික අංශය සහ විශ්වවිද්‍යාල පද්ධතිය එක් කරන පුළුල් සංවාද ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි ව්‍යාපෘති බවට පත්විය යුතු බවත්, විද්වතුන් සියලු දෙනා එක් වී රටට වඩාත්ම සුදුසු හොඳම ක්‍රමවේදය ලබා දෙන්නේ නම් එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීතිමය හා ප්‍රතිපත්තිමය සහාය ලබා දීමට රජය සූදානම් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.














