දිවයින පුරා පාසල් සිසුන් අතර මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා පොලිස් නිලධාරීන්ගේ සහ නිල සුනඛයන්ගේ සහාය ලබාගන්නා ලෙස සියලුම විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටින බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ප්‍රකාශ කර තිබේ. දරුවන්ගේ හැසිරීම් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ඔහු දෙමාපියන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් ඉල්ලා ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභා රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ඡා වී ඇති අතර, මත්ද්‍රව්‍ය භාවිතය කල්තියා හඳුනාගත හැකි ක්ෂණික පරීක්ෂණ කට්ටල මහජනතාවට පහසුවෙන් ලබාගත හැකි පරිදි වෙළඳපොළට හඳුන්වා දීමට අපේක්ෂා කරන බව පොලිස්පතිවරයා පවසා ඇත. මෙයින් දෙමාපියන්ට තම දරුවන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි රහසිගතව පරීක්ෂා කිරීමට අවස්ථාව සැලසෙන අතර, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සබඳතා පවත්වන හෝ අපරාධවලට සම්බන්ධ කිසිදු නිලධාරියෙකුට පොලිස් සේවය තුළ ඉඩක් නොමැති බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කර තිබේ.














