වත්මන් රජය බලයට පත්වූ වහාම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමට පියවර ගත් බවත්, 2027 වසර අවසන් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩපිළිවෙළින් ඉවත් වී ජනතාවට මීට වඩා සහන ලබාදීමට රජය බලාපොරොත්තු වන බවත් නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි. පළමු සහ දෙවන අයවැය ලේඛන මගින් රුපියල් 10,000කට ආසන්න ප්‍රමාණයකින් වැටුප් වැඩිකර ඇති අතර, එළඹෙන නොවැම්බර් මාසයේදී ද තවත් වැටුප් වැඩිකිරීමක් සිදුකිරීමට නියමිත බව හෙතෙම සඳහන් කළේය.
මීට පෙර පැවති අවම වැටුප ලබන වසර වන විට රුපියල් 40,000 ඉක්මවා යන මට්ටමකට ඉහළ නැංවීමට රජය සැලසුම් කර ඇති බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා සේවකයන් මුහුණ දෙන මූල්‍ය පීඩනය අවම කළ යුතු බව අවධාරණය කළේය. 2027 වසර අවසන් වන විට මෙරට ආර්ථිකය ශක්තිමත් කර IMF වැඩපිළිවෙළින් නිදහස් වීම රජයේ ප්‍රධාන ඉලක්කයක් බවත්, ඉන් අනතුරුව ජනතාවට මීට වඩා සහනදායී පරිසරයක් නිර්මාණය කරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.














