පසුගිය මාස 12 ක කාලය තුළ ඕමානයේදී මියගිය ශ්‍රී ලාංකික සේවකයන් වෙනුවෙන් රුපියල් මිලියන 28 කට අධික වන්දි මුදලක් අය කර ගැනීමට ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමත්ව තිබේ.
පසුගිය වසරේ අගෝස්තු සිට මේ වසරේ අගෝස්තු දක්වා කාලසීමාව තුළ එරට ආයතන, සමාගම් සහ බලධාරීන් සමඟ සිදුකළ අඛණ්ඩ සාකච්ඡා ප්‍රතිඵලයක් ලෙස මෙම වන්දි මුදල් ලබාගෙන ඇත. කොළඹ පිහිටි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය හරහා අදාළ මුදල් මියගිය අයගේ ළඟම ඥාතීන් වෙත යොමු කර ඇති අතර, ඉදිරියේදීත් එවැනි හිඟ වන්දි මුදල් ඇත්නම් ඒවා අය කර ගැනීමට ක්‍රියා කරන බව තානාපති කාර්යාලය පවසයි.














