සූර්ය බලශක්ති තාක්ෂණික ශිල්පීන් 5,000ක් ඇතුළු නව බඳවා ගැනීම් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.
කොමිෂන් සභාවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති මහාචාර්ය කේ.පී.එල්. චන්ද්‍රලාල් මහතා මේ බව සඳහන් කළේය. සූර්ය බලශක්ති තාක්ෂණ ශිල්පීන් 1,500 දෙනෙකු මේ වන විටත් පුහුණුවෙන් පසු බඳවාගෙන ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.














