විවිධ වර්ගයේ පක්ෂීන් 100කට අධික සංඛ්‍යාවක් සූක්ෂම ලෙස සඟවාගෙන රටින් පිට කිරීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙකු ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන්දුනීසියාවේ බැන්ටන් (Banten)ී ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ඔහු ඊයේ (සැප්තැම්බර් 05) අත්අඩංගුවට ගෙන ඇති බවයි. සැකකරු සතුව තිබී විවිධ වර්ගයේ පක්ෂීන් 101 දෙනෙකු සොයාගෙන ඇති අතර, එම පක්ෂීන් ගමන්මල්ලක කුඩා පෙට්ටි 15ක් තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා රැගෙන යාමට උත්සාහ කර ඇත. අත්අඩංගුවට ගත් පක්ෂීන් අතර ඉන්දුනීසියානු නීති රෙගුලාසිවලට අනුව එරට දැඩි ලෙස සංරක්ෂණය කළ යුතු පක්ෂී විශේෂ කිහිපයක් ද වන බව සඳහන් වේ. සැකකරු සම්බන්ධයෙන් එරට නිරෝධායන කාර්යාලය සහ ස්වභාවික සම්පත් කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.













