බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ වැසි ඇති වුවත්, පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්ය නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, ඉදිරි සතියක පමණ කාලයක් මෙම තත්ත්වය අඛණ්ඩව පවතින බවයි. රාත්‍රී කාලයේ උෂ්ණත්වයේ යම් අඩුවක් අපේක්ෂා කළ හැකි නමුත්, දහවල් කාලයේ පවතින දැඩි උණුසුම් ස්වභාවය ඉදිරියටත් පවතිනු ඇත. මේ අතර, පවතින වියළි කාලගුණය හේතුවෙන් මොණරාගල, අම්පාර, අනුරාධපුරය, බදුල්ල, මඩකලපුව, පොළොන්නරුව සහ රත්නපුරය යන දිස්ත්‍රික්ක 7 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 35 ක ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින අතර, ඉන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ මොණරාගල දිස්ත්‍රික්කයටයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ අදාළ ප්‍රදේශවල පුද්ගලයන් 113,354 දෙනෙකු වෙත මේ වන විටත් පානීය ජලය අඛණ්ඩව බෙදාහරිමින් පවතින බවයි.














