මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අනුබල දීමේ සහ සහයෝගය දැක්වීමේ චෝදනාව මත, හිඟුරක්ගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් සැරයන්වරයෙකු පොළොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොළොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට ලද රහසිගත තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. සැකකාර පොලිස් සැරයන්වරයාගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සබඳතා පවත්වමින් ඒවාට අනුබල දී ඇති බවට වන තොරතුරු සහ සාක්ෂි අනාවරණය වී ඇති බව විමර්ශන අංශය පවසයි.
















