නීතිවිරෝධී ලෙස කිසිදු බලපත්රයකින් තොරව එළ ගවයන් 7 දෙනෙකු සහ මී ගවයකු ප්රවාහනය කරමින් තිබූ ලොරි රථයක් නැවැත්වීමට උත්සාහ කිරීමේදී, පොලිස් අණ නොතකා පලා ගිය එම ලොරියට වෙඩි තබා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට තිහගොඩ පොලිසිය සමත්ව තිබේ.
අද (සැප්තැම්බර් 06) අලුයම තිහගොඩ නගරාසන්නයේදී සැකකටයුතු ලෙස ගමන්ගත් මෙම ලොරිය පරීක්ෂා කිරීම සඳහා නතර කිරීමට පොලිසිය සංඥා කළද, එය නොනවත්වා මාතර දෙසට ධාවනය කර ඇත. පසුව තිහගොඩ පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක උපේන්ද්ර රාජකරුණා මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් කිලෝමීටරයකට වැඩි දුරක් ලුහුබැඳ ගොස් ඇති අතර, නායිම්බල බුරුලෑව කැලෑ පාරකට හරවා පලා යාමට උත්සාහ කිරීමේදී සැකකරුවන් බිය ගැන්වීම සඳහා පොලිසිය අහසට වෙඩි ප්රහාර 5ක් එල්ල කර තිබේ. අනතුරුව ලොරිය අතරමග දමා කැලෑවට පලා ගොස් සැඟවී සිටි සැකකරුවන් සහ අදාළ ගව ලොරිය පසුව පොලිස් භාරයට ගෙන ඇත.
















