ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක තිසර පෙරේරාගේ ආදරණීය බිරිඳ මෙන්ම ටනාෂා සතරසිංහගේ සහෝදරිය වන නිශිනි හතරසිංහ දෙවැනි වරටත් මව්පදවිය ලැබීමට සූදානම් වන බව පවසමින් සමාජ මාධ්‍ය වෙත අපූරු සටහනක් එක් කර තිබේ.
මීට පෙර පුළුල් කතාබහට ලක් වූ විවාහ උත්සවයකට හිමිකම් කියූ ඇය, සිය පවුල් ජීවිතයේ සතුට ප්‍රකාශ කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කර ඇත්තේ, *”මට මේ ලස්සන පවුලක් ඉන්නකොට මට වෙන මොනවද ඉල්ලන්න පුළුවන්? මගේ ලොකුම ආශීර්වාදය”* යනුවෙනි. මේ වන විට දෙවැනි වරටත් මව්පදවිය අපේක්ෂාවෙන් සිටින ඇයට සහ ඇගේ පවුලේ සාමාජිකයන්ට බොහෝ දෙනෙක් සිය සුබපැතුම් එක් කරමින් සිටිති.
















