වත්මන් රජයට වසර දෙකක් සම්පූර්ණ වීම නිමිත්තෙන් සංවිධානය කරනු ලබන **‘අපේ ආණ්ඩුව – වසර දෙකයි, රටට සුබයි’** ජනතා රැළි මාලාවේ ආරම්භක වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (සැප්තැම්බර් 06) බුලත්සිංහල ප්‍රදේශයේදී උත්කර්ෂවත් අයුරින් ආරම්භ විය.
රජයේ මැති ඇමතිවරුන්, ආණ්ඩු පක්ෂයේ දේශපාලන නියෝජිතයන් සහ විශාල ජනකායක් මෙම ආරම්භක අවස්ථාව සඳහා එක්ව සිටියහ. රජයේ දෙවසරක පාලන කාලය තුළ සිදු කරන ලද සංවර්ධන හා ජනතා හිතකාමී වැඩපිළිවෙළ රට හමුවට තැබීම මෙම වැඩසටහන් මාලාවේ ප්‍රධාන අරමුණ වී ඇති අතර, ඉදිරි දිනවලදී දිවයිනේ සෙසු ප්‍රදේශ ආවරණය කරමින් මෙම ජනතා රැළි මාලාව ක්‍රියාත්මක කිරීමට නියමිතය.
















