මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඉංදිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි.
පසුගිය අගෝස්තු 10 වන දින ආරම්භ වී ඊයේ (සැප්තැම්බර් 05) සාර්ථකව නිමාවට පත් වූ මෙවර උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 372,310 දෙනෙකු පෙනී සිටියහ. මෙම ඇගයීම් ක්‍රියාවලිය අදියර තුනක් යටතේ සිදු කර ලබන ඔක්තෝබර් 25 වන දිනට අවසන් කිරීමට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එසේම, උසස් පෙළ විභාගයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ සැප්තැම්බර් 24 වන දින ආරම්භ වීමට නියමිත අතර, විභාග කටයුතු ඉක්මනින් අවසන් කර මෙම වසර අවසන් වීමට පෙර විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇත.
















