“අපේ ආණ්ඩුව – වසර දෙකයි, රටට සුබයි” යන තේමාව යටතේ අද (සැප්තැම්බර් 06) බුලත්සිංහල ප්රදේශයේදී පැවති ජන හමුවක් අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේය.
පසුගිය 2024 සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනතාව ඉතා නිර්භීත තීන්දුවක් ගනිමින්, දීර්ඝ කාලයක් රට පාලනය කළ අසාර්ථක ක්රමවේඩය වෙනස් කළ බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. එලෙස ජනතාව විසින් අපේක්ෂා කළ පිරිසිදු හා යහපත් ආණ්ඩුකරණය මෙන්ම රට ගොඩනැඟීමේ ජනතා බලය ඉදිරියටත් ආරක්ෂා කරමින් ඉදිරියට ගෙන යාමට සියලු දෙනා එක්විය යුතු බවද හෙතම එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.














