2026 සැප්තැම්බර් 06 දින රාත්‍රී කටුනායක පොලිස් වසමේ හීනටියන ප්‍රදේශයේදී, කටුනායක පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී නීති විරෝධී මත්පැන් ලීටර් 67යි මිලි ලීටර් 500ක් (බෝතල් 90ක්) සහ ගෝඩා ලීටර් 378ක් (බරණින් බෝතල් 502කට ආසන්න ප්‍රමාණයක්) සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අවුරුදු 36ක් වන මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. කටුනායක පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.













