2026 සැප්තැම්බර් 06 දින වලව කිරින්ද පොලිස් වසමේ කිරින්ද වෙරළ තීරයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දිය රැල්ලකට හසුව මුහුදට ගසාගෙන යමින් තිබියදී, තංගල්ල වෙරළ තීරයේ ජීවිතාරක්ෂක රාජකාරියේ යෙදී සිටි පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ පොලිස් කොස්තාපල් (86381) විදුරංග සහ පොලිස් කොස්තාපල් (106258) නිෂේවර යන නිලධාරීන් විසින් එම පුද්ගලයා සාර්ථකව බේරාගෙන ඇත.
පසුව ඔහුට අවශ්‍ය මූලික ප්‍රථමාධාර ලබා දීඥාතීන් වෙත භාර දීමට කටයුතු කර තිබේ. අනතුරට මුහුණ දී ඇත්තේ අවුරුදු 24ක් වන රක්වාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.














