සෞදි අරාබියේ රැකියා සඳහා පිටත්ව යන වෘත්තීය කුසලතා සහිත ශ්රමිකයින් සඳහා වන අනිවාර්ය කුසලතා සත්යාපන විභාගය (SVP) ඉදිරියේදී සිංහල සහ දෙමළ භාෂාවලින් පෙනී සිටීමේ අවස්ථාව ලබාදීමට සෞදි අරාබියේ TAKAMOL Holdings ආයතනය එකඟතාව පළ කර තිබේ. රියාද් ශ්රී ලංකා තානාපති කාර්යාලයේ ඉල්ලීමක් මත මෙම පියවර ගෙන ඇති අතර, ප්රශ්න පත්ර මාර්ගගත පද්ධතියට ඇතුළත් කිරීමේ අදියර දෙකක් 2026 ජූලි 29 සහ අගෝස්තු 15 දිනවල ක්රියාත්මක කර ඇත. මෙමඟින් භාෂාමය බාධාවන් හේතුවෙන් මුහුණ දුන් අපහසුතාවන්ට විසඳුම් ලැබෙනු ඇති අතර, වැඩි ශ්රමිකයින් පිරිසකට සෞදි රැකියා අවස්ථා හිමිකර ගැනීමට හැකි වනු ඇතැයි ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අපේක්ෂා කරයි.
















