මාර්ග ආරක්ෂාව වෙනුවෙන් කැපවන පුද්ගලයන්, රාජ්‍ය හා පෞද්ගලික ආයතන මෙන්ම විවිධ සංවිධාන ඇගයීම උදෙසා ‘මාර්ග ආරක්ෂණ ජනාධිපති සම්මාන උළෙල – 2026’ ජාතික මට්ටමින් පැවැත්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මාර්ග ආරක්ෂණ ක්‍රියාකාරී සැලැස්ම 2025-2026 යටතේ හඳුනාගත් විශේෂ ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක වන අතර, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අනුමැතිය හිමිව ඇත. මාර්ග අනතුරු අවම කිරීම, වගකීම් සහගත රිය පැදවීම ප්‍රවර්ධනය කිරීම සහ මහජන අවධානය ඉහළ නැංවීම මෙමඟින් අපේක්ෂා කෙරේ. මෙවර සමාරම්භක උළෙලෙන් පසුව, ඉදිරියේදී සෑම වසරකම නොවැම්බර් මස 3 වැනි ඉරිදාවට යෙදෙන ‘මාර්ග අනතුරු වින්දිතයන් සිහි කිරීමේ ජාත්‍යන්තර දිනයට’ සමගාමීව මෙම ජනාධිපති සම්මාන උළෙල පැවැත්වීමට සැලසුම් කර ඇත.
















