ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට හේතු වූ නඩුව වත්මන් රජය විසින් ගොනුකළ එකක් නොව, රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේ ආරම්භ කරන ලද්දක් බව අමාත්‍ය විජිත හේරත් මහතා අද (සැප්තැම්බර් 08) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය.
අමාත්‍යවරයා සඳහන් කළේ පෙර පැවැති රජය මෙම නඩුව සම්බන්ධයෙන් නිසි අධිකරණ ක්‍රියාවලියක් පවත්වාගෙන යාමට අපොහොසත් වූ බවත්, එය දෙපාර්ශ්වය අතර පැවැති “ඩීල්” එකක් බවත්ය. වත්මන් රජය බලයට පත්වීමෙන් පසු සිදුකර ඇත්තේ යටගසා තිබූ සියලුම නඩුවලට අදාළව අපක්ෂපාතීව නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සකස්කර දීම පමණක් බව අමාත්‍ය විජිත හේරත් මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
















