කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (09) දිනය අවසන් වන විට ඒකක 76.23කින් පහළ ගොස් තිබේ.
ඒ අනුව, අද දින වෙළෙඳපොළ අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 21,466.00ක් ලෙස සටහන් වී ඇති අතර, එය සියයට 0.35ක පහළ යාමකි. මීට අමතරව, අද දින කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 972ක් ලෙස වාර්තා වී ඇත.














