රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ මේජර් ජෙනරල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව පැවති සත්‍යග්‍රහ ව්‍යාපාරයක් අතරතුර අධිකරණ ක්‍රියාවලිය විවේචනය වන අයුරින් අදහස් දැක්වීමෙන් අධිකරණයට අපහාසයක් කර ඇතැයි එල්ල වූ පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කර තිබේ.
මෙම පැමිණිල්ල අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි. ඒ අනුව, පාස්කු ප්‍රහාර සිද්ධියට අදාළ විමර්ශන සම්බන්ධයෙන් අදහස් පළ කළ හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, අසංක නවරත්න සහ මහින්ද පතිරණ යන අයගෙන් සමන්විත 6 දෙනෙකුට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩු පැවරීමේ කටයුතු ඉදිරියට සිදු කිරීමට නියමිතය.














