දේශීය වෙළඳපොළේ රන් මිල ඊයේ (08) දිනයට සාපේක්ෂව රුපියල් 2,000කින් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා ස්වර්ණාභරණ සංගමය සඳහන් කරයි.
ඒ අනුව, ඊයේ රුපියල් 377,000ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල අද වන විට රුපියල් 375,000ක් දක්වා පහළ ගොස් තිබේ. එසේම, ඊයේ රුපියල් 347,000ක් වූ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 345,000ක් ලෙස සටහන් වේ. ලෝක වෙළෙඳපොළේ රන් මිලෙහි හටගත් සුළු පහළ යාම මෙරට මිල ගණන් අඩුවීමට හේතු වී ඇති බව සඳහන් වේ.














