මහනුවර, ගඟවට කෝරළය ප්‍රාදේශීය සභා බලප්‍රදේශයට අයත් තැන්නෙකුඹුර ප්‍රදේශයේ මහවැලි ගංගා රක්ෂිතයේ පිහිටි වෙළෙඳසැල් ඉවත් කිරීමට යාමේදී දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබේ. අධිකරණ නියෝගයකට අනුව මහවැලි අධිකාරී සහ පොලිස් නිලධාරීන් අද (09) අදාළ ස්ථානයට පැමිණ මෙම ඉවත් කිරීමේ කටයුතු සිදු කර ඇත.
වසර 25-30ක කාලයක් තිස්සේ ප්‍රාදේශීය සභාවට කුලී ගෙවමින් සහ මහවැලි අධිකාරිය සමඟ ගිවිසුම්ගතව ව්‍යාපාර කරගෙන ගිය තමන්ව මෙසේ පාරට ඇද දැමීම අසාධාරණ බව වෙළෙඳුන් පවසති. දිට්වා සුළි කුණාටුවෙන් නිවාස පවා අහිමිව සිටින තමන්ට මෙම තීරණය නිසා දැඩි අසරණ භාවයට පත්වීමට සිදුව ඇති බව පෙන්වා දෙන ඔවුන්, ඇතැම් ආධාරකරුවන්ට පමණක් මෙම නියෝගය ක්‍රියාත්මක වී නොමැති බවට චෝදනා කරමින් එම ස්ථානයට පැමිණි ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයාට සහ වත්මන් රජයට දැඩි විරෝධය පළ කර තිබේ.














