ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සහ සහස්ධනවි සමාගම (Sahasdhanavi Limited) අතර කෙරවලපිටිය කාර්මික කලාපයේ මෙගාවොට් 350ක ධාරිතාවයෙන් යුත් ඒකාබද්ධ චක්‍රීය විදුලි බලාගාරයක් (Combined Cycle Power Plant) ඉදිකිරීමේ ගිවිසුම අත්සන් කර තිබේ.
2026 අගෝස්තු 13 වන දින අත්සන් කරන ලද මෙම ගිවිසුම සඳහා වන මුළු ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 291.19කි. ‘ඉදිකිරීම, හිමිකාරිත්වය දැරීම, මෙහෙයවීම සහ පැවැරීම’ (BOOT) පදනම යටතේ ක්‍රියාත්මක වන මෙම බලාගාරය මාස 42ක් ඇතුළත අදියර දෙකක් යටතේ නිමකිරීමට නියමිත අතර, එමඟින් සෘජු හා වක්‍ර රැකියා 1,147ක් උත්පාදනය වේ. ආරම්භයේදී ඩීසල් මඟින් ක්‍රියාත්මක වන මෙම බලාගාරය පසුව ද්‍රවීකෘත ස්වාභාවික වායු (LNG) වෙත පරිවර්තනය කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතියත් සමඟ කෙරවලපිටිය විදුලි උත්පාදන පරිශ්‍රයේ සමස්ත ධාරිතාව මෙගාවොට් 1,000 දක්වා ඉහළ යනු ඇත.














