ඇමෙරිකා එක්සත් ජනපදය සහ කැනඩාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික හා වෙළෙඳ අර්බුදය තවදුරටත් උග්‍ර කරමින්, කැනඩාවෙන් ආනයනය කෙරෙන මධ්‍යසාර, යතුරුපැදි සහ කිරි නිෂ්පාදන රැසක් ඇමෙරිකාව තුළට ආනයනය කිරීම තහනම් කිරීමට වොෂිංටන් පාලන අධිකාරිය පියවර ගෙන තිබේ.
ලබන සැප්තැම්බර් 29 වැනිදා සිට බලපැවැත්වෙන මෙම තහනම ප්‍රකාශයට පත් කෙරුණේ, ඇමෙරිකානු භාණ්ඩ ඩොලර් බිලියන 20කට එරෙහිව කැනඩාව විසින් පනවන ලද ප්‍රතිප්‍රහාරාත්මක තීරුබදු (Counter-tariffs) බලගැන්වීමෙන් පැය කිහිපයකට පසුවය. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය මස කැනේඩියානු භාණ්ඩ සඳහා 50%ක තීරුබදුවක් පැනවීමත් සමඟ දෙරට අතර පැවැති වෙළෙඳ සාකච්ඡා බිඳ වැටුණු අතර, ඊට පිළිතුරු ලෙස කැනේඩියානු අගමැති මාර්ක් කාර්නි (Mark Carney) විසින් ඇමෙරිකාව මත රඳා පැවැත්ම අඩු කිරීමේ නව ආර්ථික වැඩපිළිවෙළක් ද ප්‍රකාශයට පත් කර ඇත. මෙම වෙළෙඳ අර්බුදය හේතුවෙන් උතුරු ඇමෙරිකානු නිදහස් වෙළෙඳ ගිවිසුමේ (USMCA) අනාගතය ද අවිනිශ්චිත තත්ත්වයට පත්ව තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














