නෝර්වේහි හරල්ඩ් රජුගේ (King Harald V) අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා පැමිණෙමින් සිටි යුක්රේන ජනාධිපති ව්ලොඩොමියර් සෙලෙන්ස්කි (Volodymyr Zelenskiy) ගමන් කළ ගුවන් යානය මොල්ඩෝවා රාජ්‍යයෙන් ගුවන්ගත වීමේදී ඩ්‍රෝන යානයක ගැටීමෙන් අනූනමයෙන් බේරී ඇති බව නෝර්වේ අගමැති යෝනාස් ගාර් ස්ටෝරේ (Jonas Gahr Stoere) හෙළි කර තිබේ.
අගමැති ස්ටෝරේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ජනාධිපති සෙලෙන්ස්කි මුහුණ දෙන අතිශය අවදානම් සහගත ආරක්ෂක තත්ත්වය මෙම සිදුවීමෙන් මනාව පැහැදිලි වන බවයි. අවමංගල්‍ය උත්සවයෙන් අනතුරුව දෙරටේ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබූ අතර, එහිදී යුක්රේනයේ ගුවන් ආරක්ෂණ පද්ධති (Air defence) ශක්තිමත් කිරීම සහ යුරෝපීය මිසයිල විරෝධී පද්ධතියක් සකස් කිරීමේ ‘Freyja’ ව්‍යාපෘතිය කෙරෙහි විශේෂ අවධානය යොමුකිරීමට නියමිතව තිබිණි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














