ඊජිප්තුවේ එල් අලමේන් (El Alamein) ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී පැවැත්වෙන දෙවන ජාත්‍යන්තර ගුවන් ප්‍රදර්ශනයේදී, රුසියාවේ පස්වන පරම්පරාවේ Su-57 ස්ටෙල්ත් (Stealth) ප්‍රහාරක යානාවන් සහ ඒ සඳහා භාවිත කරන ඩ්‍රෝන තාක්ෂණය සහිත නවතම මිසයිල ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීමට රුසියානු රාජ්‍ය ආයුධ අපනයන සමාගම වන Rosoboronexport පියවර ගෙන තිබේ.
අප්‍රිකානු ගුවන් ප්‍රදර්ශනයකදී Su-57 යානයක් ප්‍රදර්ශනය කළ පළමු අවස්ථාව මෙය වන අතර, එහිදී S-71M සහ S-71K යන කෲස් මිසයිල සහ ප්‍රහාරක ඩ්‍රෝන යානාවල එකතුවකින් නිපදවන ලද නවතම මිසයිල වර්ග ප්‍රවර්ධනය කර ඇත. අප්‍රිකානු සහ මැදපෙරදිග ආරක්ෂක වෙළඳපොළ ඉලක්ක කරගනිමින් සංවිධානය කර ඇති මෙම ප්‍රදර්ශනය සඳහා චීනයේ J-16 ප්‍රහාරක යානා මෙන්ම තුර්කිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඊජිප්තුවේ ප්‍රමුඛ පෙළේ ආරක්ෂක සමාගම් ද එක්ව සිටිති.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














