ඉන්ධන සහ ගෑස් ගවේෂණය සඳහා මන්නාරම් දූපත අවට සිදුකෙරෙන බිම් කැණීම් සහ වැලි කැණීම් හේතුවෙන් සිදුවන පාරිසරික හානිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව සිය දැඩි අවධානය යොමු කර තිබේ. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම සමුළුව පෙන්වා දී ඇත්තේ, මෙවැනි ක්‍රියාකාරකම් හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව කලබලයට පත්ව ඇති බවයි.
මෙම ව්‍යාපෘති ආර්ථික සංවර්ධනයට අදාළ ධනාත්මක මුලපිරීම් වුවද, නිසි පාරිසරික තක්සේරුවකින් සහ විනිවිඳභාවයකින් යුතුව ජනතාව දැනුවත් කිරීමත්, ජනතා මතය තහවුරු කරගැනීම සඳහා නිසි මත විමසුමක් පැවැත්වීමත් බලධාරීන්ගේ යුතුකමක් බව රදගුරු සමුළුව අවධාරණය කරයි. එසේම, මෙම ව්‍යාපෘති නිසා මන්නාරම් දූපතේ ධීවර ප්‍රජාවගේ ජීවනෝපායට සහ ජල සම්පතට කිසිදු බලපෑමක් නොවිය යුතු බවද එහි වැඩිදුරටත් දැක්වේ.














