වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 74ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙයි.
එමෙන්ම, මේ වනවිට දිවයින පුරා සමස්ත ඩෙංගු රෝගීන් 96,847 දෙනෙකු වාර්තා වී ඇති අතර, පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ මදුරුවන් බෝ විය හැකි ස්ථාන නිරන්තරයෙන් පරීක්ෂා කර පිරිසිදුව තබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.














