සුන්දර ඇල්ල සංචාරක පුරවරයේ පිහිටි කුණු කන්ද හේතුවෙන් දෙස් විදෙස් සංචාරකයින් මෙන්ම ප්‍රදේශවාසීන් දැඩි දුෂ්කරතාවන්ට සහ ගැටලුවලට මුහුණ දී සිටියද, ඊට මෙතෙක් නිසි විසඳුමක් ලැබී නොමැති බව වාර්තා වේ. තව නොබෝ දිනකින් මෙම කුණු කන්ද මාර්ගයද සිප ගැනීමට (මාර්ගයට කඩා වැටීමට) ඉඩ ඇති බවට ප්‍රදේශවාසීන් අනතුරු අඟවයි.
ප්‍රදේශයේ පරිසරය සම්පූර්ණයෙන්ම අසුන්දර කරමින් සහ දැඩි දුගඳක් නිකුත් කරමින් පවතින මෙම කසළ කන්ද පාලනය කිරීමට හෝ විධිමත් ක්‍රමවේදයක් යටතේ ඉවත් කිරීමට බලධාරීන් මෙතෙක් කටයුතු කර නොමැති වීම සම්බන්ධයෙන් සංචාරකයින් සහ ප්‍රදේශවාසීන් සිය බලවත් අප්‍රසාදය පළ කර සිටිති.














