සින්නපාඩුව, කරුකපනේ උඩප්පුව, මුතුපන්තිය සහ දළුව යන මුහුදු ප්‍රදේශවලට ජාවාරම්කරුවන් විසින් අතහැර දමා ගොස් තිබූ නීතිවිරෝධී බීඩිකොළ තොගයක් පුත්තලම නාවික හමුදාව විසින් ඊයේ (09) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 07 වන දින ගොඩබෑමට සූදානම් කර තිබූ මෙම බීඩිකොළ තොගය, වෙරළාරක්ෂක මෙහෙයුම් දැඩි කිරීම හේතුවෙන් ජාවාරම්කරුවන් විසින් මෙලෙස මුහුදට අතහැර දමා පලා යන්නට ඇති බව වාර්තා වේ. මීට පෙරද හලාවත තොඩුවාව සහ කුඩාමඩුවැල්ල ප්‍රදේශවල මුහුදේද මේ ආකාරයට බීඩිකොළ තොගයක් අතහැර ගොස් තිබියදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.














