ඉන්දීය ආරක්ෂක අමාත්යවරයාගේ ශ්රී ලංකා නිල සංචාරයට එක්ව සිටින ජ්යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන්ගෙන් සමන්විත ඉහළ පෙළේ ඉන්දීය නියෝජිත පිරිසක් ආරක්ෂක අමාත්යාංශයේදී ආරක්ෂක නියෝජ්ය අමාත්ය මේජර් ජෙනරල් විශ්රාමික අරුණ ජයසේකර මහතා හමුවී තිබේ.
ගුවන් හමුදා නියෝජ්ය මාණ්ඩලික ප්රධානී එයාර් වයිස් මාර්ෂල් Ashutosh Dixit, නාවික හමුදා නියෝජ්ය මාණ්ඩලික ප්රධානී වයිස් අද්මිරාල් Ajay Kochhar සහ යුද හමුදා නියෝජ්ය මාණ්ඩලික ප්රධානී ලුතිනන් ජෙනරාල් Sandeep Jain යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම හමුවට එක්ව ඇත. මෙහිදී දෙරට අතර ආරක්ෂක සබඳතා ශක්තිමත් කිරීම, කලාපීය සහ සමුද්රීය ආරක්ෂාව, පුහුණු වැඩසටහන් පුළුල් කිරීම මෙන්ම ‘දිට්වා’ සුළි සුළං සමයේ ඉන්දියාව ලබා දුන් කඩිනම් මානුෂීය සහයෝගය පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කර තිබේ.
















