ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකු කිහිපයක ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අද (10) සුළු වෙනස්වීම් කිහිපයක් පෙන්නුම් කර ඇති අතර, ඩොලරයේ සාමාන්‍ය විකුණුම් මිල රුපියල් 332 සීමාවේ ස්ථාවරව පවතී. සෙලාන් බැංකුව, මහජන බැංකුව සහ සම්පත් බැංකුව තුළ ඩොලරයේ ගැණුම් සහ විකුණුම් මිල ගණන් සුළු වශයෙන් පහළ ගොස් ඇති අතර, එන්.ඩී.බී. (NDB) බැංකුවේ ගැණුම් සහ විකුණුම් අගයන් හි සුළු ඉහළ යාමක් සටහන් වේ. කොමර්ෂල් බැංකුවේ විනිමය අනුපාතිකයන්හි කිසිදු වෙනසක් සිදු නොවී ඊයේ දිනයේ පැවැති අගයන්හිම පවතී.
විශේෂයෙන්ම සෙලාන් බැංකුවේ ඩොලරයක ගැණුම් මිල රුපියල් 324.35ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 333.60ක් ලෙසත් සටහන් වන අතර, එන්.ඩී.බී. බැංකුවේ ගැණුම් මිල රුපියල් 324.00ක් දක්වාත් විකුණුම් මිල රුපියල් 333.00ක් දක්වාත් ඉහළ ගොස් තිබේ. මහජන බැංකුවේ ගැණුම් මිල රුපියල් 324.55ක් දක්වාත් විකුණුම් මිල රුපියල් 332.60ක් දක්වාත් සුළු වශයෙන් පහත වැටී ඇත. සම්පත් බැංකුවේ ගැණුම් මිල රුපියල් 324.50ක් සහ විකුණුම් මිල රුපියල් 332.50ක් ලෙස දැක්වෙන අතර කොමර්ෂල් බැංකුවේ ගැණුම් මිල රුපියල් 322.85ක් සහ විකුණුම් මිල රුපියල් 332.75ක් ලෙස වෙනස් නොවී පවතී.














