යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී මහතා නෝර්වේහි ඔස්ලෝ නුවර බලා ගමන් කරමින් සිටියදී ඔහු ගමන් ගත් ගුවන් යානයට රුසියන් ඩ්රෝන ප්රහාරයක් එල්ල වීමට ගිය බවත්, නියමුවන්ගේ දක්ෂතාව නිසා ඔහු ඇතුළු පිරිස අනූනවයෙන් දිවි ගලවා ගත් බවත් විදෙස් මාධ්ය වාර්තා කරයි. නෝර්වේ හැරල්ඩ් රජුගේ අවමංගල්යයට සහභාගී වීම සඳහා මෝල්ඩෝවාවෙන් විශේෂ ගුවන් යානයකින් ගුවන් ගතවීමත් සමඟ මෙම ප්රහාරක ඩ්රෝන යානය ඒ දෙසට පැමිණ ඇති අතර, නෝර්වේ අග්රාමාත්ය ජෝනාස් ගාර් ස්ටෝර් විසින් මේ බව අනාවරණය කර තිබේ.
නෝර්වේ රජුගේ අභාවප්රාප්ත වීම සම්බන්ධයෙන් පැවති අවමංගල්ය උත්සවයට සහභාගී වීමෙන් අනතුරුව සෙලෙන්ස්කී මහතා කැනඩාව බලා පිටත්ව ගොස් ඇති අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් යුක්රේන රජය හෝ හමුදාව මෙතෙක් නිල වශයෙන් කිසිවක් ප්රකාශ කර නොමැත.
















