රුසියාවේ වොරොනෙෂ් (Voronezh) කලාපයේ බොරිසොග්ලෙබ්ස්ක් (Borisoglebsk) නගරයේ පිහිටි නිවසක් මතට ඩ්රෝන යානයක කොටස් කඩා වැටීමෙන් කාන්තාවක් මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව ප්රදේශයේ ආණ්ඩුකාර ඇලෙක්සැන්ඩර් ගුසෙව් (Alexander Gusev) ප්රකාශ කර තිබේ.
එම කලාපය ඉලක්ක කර පැමිණි ඩ්රෝන යානා 19ක් ගුවනින් විනාශ කිරීමට රුසියානු ගුවන් ආරක්ෂක පද්ධති සමත් වූ බව ආණ්ඩුකාරවරයා ටෙලිග්රෑම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. එමෙන්ම, රැය පුරා විවිධ කලාප අභිබවා පැමිණි යුක්රේන ඩ්රෝන යානා 448ක් සාර්ථකව වෙඩි තබා බිම හෙළූ බව රුසියානු ආරක්ෂක අමාත්යාංශය වැඩිදුරටත් නිවේදනය කර ඇත.
















