මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්ය රවී කරුණානායක සහ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන් ඇතුළු විත්තිකරුවන් 11 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව යළි ඔක්තෝබර් 04 වැනි දින කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය අද (10) නියම කර තිබේ. මෙම නඩුව විභාගයට මින් පෙර පත් කර තිබූ ස්ථිර ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල සම්පූර්ණ වී නොමැති වීම හේතුවෙන්, එම විනිසුරු මඩුල්ල යළි පත් කරන තෙක් නඩුව මෙලෙස කල් තැබීමට විනිසුරුවරිය නියෝග කර ඇත.
2016 වසරේ මාර්තු 29 වැනි දින සිදු වූ බැඳුම්කර වෙන්දේසිය තුළින් රජයට රුපියල් කෝටි 3,698ක පාඩුවක් සිදු කිරීම ඇතුළු අධිචෝදනා 32ක් යටතේ නීතිපතිවරයා විසින් රවී කරුණානායක, අර්ජුන් මහෙන්ද්රන්, පත්තිනිගේ සමරවීර සහ අර්ජුන් ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.
















