අවසාන විමර්ශන වාර්තාව සහ නිර්දේශ ඉදිරිපත් කිරීමට දෙසැම්බර් 19 දක්වා කාලය දීර්ඝ කරයි
දිට්වා සුළි කුණාටුවට මුහුණ දීමේදී පූර්ව සූදානමක් නොමැති වීම පිළිබඳව පූර්ණ අධ්යයනයක් සිදුකර වාර්තා කිරීම සඳහා පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ලබා දී තිබූ කාල සීමාව ලබන දෙසැම්බර් 19 වනදා දක්වා දීර්ඝ කර තිබේ. පාර්ලිමේන්තු සභානායක අමාත්ය බිමල් රත්නායක මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව ස්ථාවර නියෝග 102 ප්රකාරව මෙලෙස කාලය දීර්ඝ කර ඇත.
2026 ජනවාරි 21 වන දින පාර්ලිමේන්තුව සම්මත කළ යෝජනාවට අනුව කාරක සභාව සිදුකළ නිරීක්ෂණ සහ ඊට අදාළ නිර්දේශ වාර්තා කිරීම සඳහා තවදුරටත් කාලය අවශ්ය වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.














