දේශගුණික විපර්යාස හමුවේ ජල, විදුලි සහ කෘෂිකාර්මික අර්බුදයට මුහුණ දීමේ රජයේ සැලසුම් ගැන විපක්ෂ නායකගෙන් ප්රශ්න මාලාවක්
එක්සත් ජාතීන්ගේ දේශගුණික සංවිධානය එල් නිනෝ (El Niño) තත්ත්වය පිළිබඳ නිල නිවේදනය නිකුත් කිරීමට මාස හයකටත් පෙර සිට ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අවධානය යොමු කිරීම පිළිබඳව සභානායක අමාත්ය බිමල් රත්නායක මහතා අද (10) විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාට සිය ප්රශංසාව පළ කළේය.
27(2) ස්ථාවර නියෝගය යටතේ ප්රශ්න කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ ඉදිරියේදී ඇතිවිය හැකි නියඟය, ගංවතුර සහ නායයෑම් අවදානම් මෙන්ම මහවැලි ජලාශවල ජල මට්ටම, විදුලි ගාස්තු සහ ගොවීන්ට සිදුවූ වගා හානි වන්දි පිළිබඳව රජය විනිවිදභාවයෙන් යුතුව කරුණු රටට හෙළි කළ යුතු බවයි.














