ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්රී ලංකා කඳුරට හින්දු පූජකවරුන් අතර විශේෂ හමුවක් ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබේ. කඳුරට ප්රදේශවල හින්දු කෝවිල්වල පරිපාලන කටයුතු, දහම් පාසල් පවත්වාගෙන යාම, පූජකවරුන්ගේ අවශ්යතා මෙන්ම කෝවිල් ඉඩම් හා ආගමික ස්ථාන සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.
ශ්රී ලංකා කඳුරට හින්දු පූජක සංවිධානයේ මහ ලේකම් ආචාර්ය ශිවශ්රී වේලු සුරේෂ් ශර්මා කුරුක්කල්තුමා ඇතුළු සියලු දිස්ත්රික්ක නියෝජනය කරමින් ආගමික නායකයන් සහ අමාත්යාංශ ලේකම්වරුන් ඇතුළු රාජ්ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.














