යුරෝපීය නීතිඥයන්ගේ දායකත්වයෙන් සකස් කරන ලද පැමිණිලි ලිපිය අන්තර් පාර්ලිමේන්තු සංගමයට (IPU) නිල වශයෙන් ලබා දී ඇති අතර, දේශපාලන පළිගැනීම් සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ද කරුණු මතු කර ඇත
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) සාමාජික මිලින්ද රාජපක්ෂ විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ජිනීවා නුවර පිහිටි අන්තර් පාර්ලිමේන්තු සංගමයට (IPU) නිල වශයෙන් පැමිණිලි ලිපියක් භාර දී තිබේ. යුරෝපයේ පදිංචි නීතිඥයන් විසින් මෙම ලිපිය සකස් කර ඇති බව ඔහු ප්‍රකාශ කර ඇති අතර, සිවිල් සංවිධාන නියෝජනය කරමින් මෑතකදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව තුළ පුද්ගල නිදහසට, නීතියේ ආධිපත්‍යයට සහ ආයතනික පාලනයට එල්ල වන තර්ජන ඉහළ ගොස් ඇති බවයි. විපක්ෂයේ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම හරහා දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් අයුරින් නඩු පැවරීම් සිදුවන බව ද ඔහු එහිදී වැඩිදුරටත් චෝදනා කළේය.
















