පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් අංශය මඟින් බණ්ඩාරවෙල ඇට්ටිපිටිය පාරේ පිහිටි ආයතනයක සිදු කළ වැටලීමකදී සොයා ගන්නා ලද කල් ඉකුත් වූ රූපලාවන්‍ය ද්‍රව්‍ය, මිල වෙනස් කරන ලද වෛද්‍ය උපකරණ සහ නීතිමය මිල සටහන් කර නැති ඖෂධ තොගයක් විනාශ කරන ලෙසත්, රුපියල් 230,000ක දඩ මුදලක් ගෙවන ලෙසත් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ප්රභාකරන් ඒජන්සීස් ආයතනයට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් මෙම නඩුව පවරා ඇති අතර, චෝදනාවලට වරද පිළිගැනීමෙන් අනතුරුව හේමාස් ශර්ජිකල් ඇන්ඩ් ඩයග්නොස්ටික්ස් (පෞද්ගලික) සමාගමට රුපියල් 100,000ක දඩයක්ද, හේමාස් ෆාමසියුටිකල්ස් (පෞද්ගලික) සමාගමට රුපියල් 100,000ක දඩයක්ද, ප්රභාකරන් ඒජන්සීස් ආයතනයට රුපියල් 30,000ක දඩයක්ද නියම කර ඇත. භාණ්ඩ මිලදී ගැනීමේදී කල් ඉකුත් වීමේ දින සහ මිල සම්බන්ධයෙන් සැමවිටම සැලකිලිමත් වන ලෙස පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, නීති විරෝධී වෙළඳ කටයුතු පිළිබඳව 1977 යන උණුසුම් ඇමතුම් අංකය ඔස්සේ දැනුම් දෙන ලෙස දන්වා සිටියි.















