හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් සහ රටට බලපා ඇති දැඩි නියං තත්ත්වයට ආශීර්වාද ලබාගැනීමේ අරමුණින් විශේෂ බෝධි පූජා පින්කමක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පවත්වන ලදී. රට තුළ පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය සහ නියඟය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහ රටට යහපතක් ප්රාර්ථනා කරමින් මෙම පින්කම සංවිධානය කර තිබූ අතර, එහිදී අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ “විශ්ව බලයක් තිබේ නම්, ඒ විශ්ව බලයෙන් මහ වැසි වසී කියලයි මේ පූජාව කළේ” යනුවෙනි.














