එල් නිනෝ කාලගුණික සංසිද්ධිය හේතුවෙන් ඇති වූ වියළි කාලගුණික තත්ත්වය නිසා දිස්ත්‍රික්ක 7ක පවුල් 25,037කට අයත් පුද්ගලයින් 78,368 දෙනෙකුගේ ජීවනෝපාය අහිමි වී ඇති බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.
මොනරාගල, බදුල්ල, රත්නපුර, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවල ජනතාවට මෙම තත්ත්වය බලපා ඇති අතර, ඉන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ කෘෂිකර්මාන්තයට (පුද්ගලයින් 36,875ක්) වේ. මීට අමතරව වැවිලි ක්ෂේත්‍රය, ධීවර කර්මාන්තය, පශු සම්පත්, ස්වයං රැකියා සහ ව්‍යාපාරික කටයුතුවල නිරත පිරිස්ද දැඩි ලෙස පීඩාවට පත්ව ඇති අතර, අදාළ රාජ්‍ය ආයතන මැදිහත්වී මෙම ජනතාවට අවශ්‍ය සහන ලබාදීමට පියවර ගනිමින් සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














