රාජ්‍ය සේවා පිළිබඳ පුරවැසි අත්දැකීම් ක්‍රමානුකූලව ග්‍රහණය කර ගැනීම සඳහා නිර්මාණය කරන ලද මෙරට ප්‍රථම ඩිජිටල් සමීක්ෂණ මෙවලම වන ‘SL-PULSE’ (එස්.එල්. පල්ස්) වේදිකාව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සමඟ ඒකාබද්ධව එළිදක්වා තිබේ.
කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති මෙම නව මුලපිරීම යටතේ, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සැපයෙන සේවාවන් පිළිබඳව දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි පුරවැසි ප්‍රතිචාර රැස් කෙරේ. පුරවැසි සහභාගීත්වය, ප්‍රජා මූලික ක්ෂේත්‍ර සමීක්ෂණ සහ ස්වාධීන විශ්වවිද්‍යාල මඟින් මෙහෙයවනු ලබන ගෘහස්ථ සමීක්ෂණ හරහා ජාතික මට්ටමින් පුරවැසි ප්‍රතිචාර 13,000ත් 15,000ත් අතර ප්‍රමාණයක් එකතු කරගැනීමට නියමිත අතර, එමඟින් රාජ්‍ය සේවයේ විනිවිදභාවය, වගවීම සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම අපේක්ෂා කෙරේ.














